shilpa-school-favicon

බහුවිධ මාධ්‍ය අධ්‍යාපන ආයතනයට අනුබද්ධ ශිල්ප පාසැල

ශිල්ප පාසැල යනු අන්තර්ජාල මාර්ගගත සම්බන්ධනය හරහා බහුවිධ මාධ්‍ය අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන ශිල්ප පුහුණුව සපයන පීඨිකාවකි.

2016 වසරේ එහි ආරම්භයේ පටන් අප ආයතනය බහුවිධ මාධ්‍ය සම්බන්ධ ශික්ෂණයන් තුළ බොහෝ පාඨමාලාවන් සම්පාදනය කොට ඇති අතර, බහුවිධ මාධ්‍ය නිෂ්පාදනයන්, මාර්ගගත ප්‍රකාශනයන් සහ ජාතික තලයේ ප්‍රචාරණ ව්‍යාපාරයන්හි ඉදිරියෙන්ම කටයුතු කොට ඇත.
බහුවිධ මාධ්‍ය අධ්‍යාපන ආයතනික කණ්ඩායම මගින් මෙතුවක් කළ කටයුතු අතර ආලෝචනා විද්‍යුත් සඟරාව, සිංහල භාෂාවෙන් වෛද්‍යමයව සුවපත් වූවන් පිළිබඳ කෝවිඩ් තොරතුරු බිහිfදාර සේම මැතිවරණ කොමිසම වෙනුවෙන් ‘වසංගත කාලයේදී ඡන්දය දෙනු ලබන්නේ කෙසේද?’ යන්න පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රචාරණ ව්‍යාපාරය සංකල්ප ගත කිරීම, සැලසුම් කිරීම මෙන්ම නිෂ්පාදන කටයුතු ආදිය නම් වශයෙන් සඳහන් කළහොත් කිහිපයක් පමණි.

කෝවිඩ් වසංගතය මුළුමහත් ලෝකය පුරාම අධ්‍යාපනයේ කෝණයෙන් ගතහොත් ශිල්පීය කෞශල්‍යයන් වර්ධනයේ අති විශාල පැල්මක් ඇති කළේය. නමුත් ඒ සමගම වසංගතය හේතුවෙන්ම පෙර දී බැහැර කොට තිබූ අවිශ්වාස සහගතව දුටු මාර්ගගත පීඨිකාවන් අධ්‍යාපනය සහ පුහුණුව සඳහා යොදා ගැනීම පිළිබඳව වන සාක්ෂරතාව අති විශාල ලෙස පොලා පැන්නේය.

ශිල්ප පාසැල මාර්ගගත පීඨිකාවන් හරහා තමන් සිටින භූගෝලීය පරිසරයේ අදාලත්වයකින් තොරව බොහෝ දෙනාට පිවිසීමට අවස්ථාව දෙන, ඒ ඔස්සේ පුහුණුව හා දැනුම ලබා දෙන, ශිල්පීය දක්ෂතා අභිවර්ධනය සඳහා පර්යේෂණාත්මක අධ්‍යාපනය සම්බන්ධ කිරීමට දරණ උත්සාහයකි.

ශිල්ප පාසැල තම කලාවන් සහ ශිල්ප ප්‍රකාශනයට පත් කරමින් සහ ප්‍රදර්ශනය කරමින් තමාව ප්‍රකාශ කරන හා එසේ කිරීමට, කලා ශිල්පමය ක්‍රියාකාරිත්වයන්හි නියැළීමට අවශ්‍ය ක්‍රියාකාරිකයන් සඳහාය.

අපගේ සියළු පුහුණු වැඩසටහන් නිර්මාණාත්මක හෝ ශිල්පීය ක්‍රියාකාරිත්වයන් එළි දැක්වීමට අවශ්‍ය යම් අභියෝගයන් ජය ගැනීමේ හැකියාව පෝෂණය කිරීම සඳහාම සැලසුම් කොට තිබේ. සහභාගීවන්නන් ප්‍රගතිය කරා යමින් සහ දියුණුව අත්පත් කර ගැනීමේ පිළිවෙතින් පවරනු ලබන කාර්යයන් සම්පූර්ණ කිරීමත්, ඇගයුම්, ප්‍රතිපෝෂණය සහ මග පෙන්වීම් සඳහා සපයා ඇති මාර්ගගත පීඨිකාව හරහා එම පැවරුම් ඉදිරිපත් කිරීමද අත්‍යාවශ්‍ය වේ.