ඡායාරූප ශිල්පය

සන්නිවේදනාත්මක රූප සුසැදීමේ ශිල්පය

මතකයේ රැඳෙන රූ තනමු

ඔබ මතකයේ රැඳි අවසන් ඡායාරූපය කුමක්ද?
එම රූපය ඔබ මතකයේ රැඳෙන ලෙස බලපෑමක් ඇති කලේ කුමක් විසින්ද?

දිනපතා අන්තර්ජාලයට එක්වන මිලියන ගණනාවක් ඡායාරූප අතරින් කීයක් අනුස්මරණීය හෝ බලපෑම් සහගත රූප යැයි වර්ග කළ හැකිද?

සති දොළහක කාල පරිච්ඡේදයක් තුළ ඔබ විසින්ම ගනු ලබන ඡායාරූප ඔස්සේ අප ඔබව රූප භාෂාව, මෙවලම්, ශිල්ප ක්‍රම සහ දෘෂ්‍යමය කතාන්දර කීමේ කලාව ගවේෂණය කරන චාරිකාවක් රැගෙන යන්නෙමු.

ඒ අතරතුර අප ඔබට කැමරාවක තාක්ෂණික භාවිතය, කාච වර්ග, ඡායාරූපයක් ගැනීමෙන් පසු එන සමස්ත ක්‍රියාවලිය යනාදී අංශ පිළිබඳවද පුහුණුවක් ලබා දෙන්නෙමු.

දෘෂ්‍යමයව කතාන්දර කියන්නෙකු වීමට නම් ඔබ ඡායාරූප නිර්මාණය කළ යුතුය. ඒ වඩාත් හොඳින් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පුහුණු වීමට නම් ඒ ගැන ප්‍රතිපෝෂණයන් ලබමින් යළි රූප ගත කළ යුතු මෙන්ම, නැවත නැවත ඒවා යළි ඇගයුමට ලක් කර ගත යුතුය. නැවත තක්සේරු කොට ගත යුතුය.
මෙම පුහුණු වැඩසටහන පුරා අප ඔබට ලබා දෙන්නේ එයයි!

පුහුණුව සහ උපදේශනය

දශක තුනකට වැඩි කලක් මුළුල්ලේ දෘෂ්‍යමය වශයෙන් කතාන්දර කීමේ නියැළුණු, විශාල වශයෙන් අත්දැකීම් ඇති ඡායාරූප ශිල්පියකු විසින් ඔබට මග පෙන්වමින් ඔබව පුහුණු කරනු ඇත.

ශිල්ප පාසැල විසින් පවත්වනු ලබන අනෙකුත් වැඩසටහන් වලදී මෙන්ම, අප විසින් සිදු කරනු ලබන පැවරුම් චක්‍රය මත පදනම්ව ප්‍රතිපෝෂණය සහ උපදේශනය සමග කෙරෙන ඇගයුම මගින් මගපෙන්වීම් සහ පුහුණුව සිදු කෙරේ.

ඉගැන්වීම, නව සංකල්ප, මෙවලම් සහ ශිල්ප ක්‍රම හඳුන්වා දීම ඉහත සඳහන් කළ චක්‍රය තුළ සිදු කෙරෙනු ඇත.
දෘෂ්‍යමය වශයෙන් කතාන්දර කීමේ ඔබටම ආවේණික ශෛලියක්, භාෂාවක් සහ හඬක් මේ මාර්ගයෙන් ඔබ වර්ධනය කොට ගනු ඇත.

වැඩසටහන අවසානයේදී ඔබට කීමට අවශ්‍ය කතාන්දරයන් කියන, තමා වෙනුවෙන්ම කතා කරන ඡායාරූපයන් සැළකිය යුතු ගණනක් ඔබ සතු වනු ඇත.

පුහුණුකරු

දශක තුනකට වැඩි කලක් මුළුල්ලේ කතාන්දර කීමෙහි යෙදුණු දෘෂ්‍ය කතාකරුවකු සේම, විද්‍යාවෙහි මෙන්ම දෘෂ්‍ය සන්නිවේදන කලාවේ යන දෙකෙහිම ප්‍රවීනයකු වන දිනිල් අබේගුණවර්ධන ඔබගේ ප්‍රධාන පුහුණුකරු වෙයි.

නිශ්චිත ක්ෂේත්‍රයක්, සන්නාමයක්, පුද්ගලයකු හෝ සංකල්පයක් අරභයා ඡායාරූප ශිල්පය සහ දෘෂ්‍ය කතාන්දර කලාව යොදා ගැනීම සඳහා අසහාය මෙවලම් මල්ලක් විද්‍යාවේ, වෛද්‍ය වෘත්තියේ මෙන්ම දෘෂ්‍ය සන්නිවේදනයේ පැතිකඩ මානයන් පිළිබඳ සිය අවබෝධය සමග දිනිල් සතු වේ.

ඔහු වෙනත් විෂයයන් සහ ක්ෂේත්‍ර තුළද, බලපෑම් සහගත සන්නිවේදනයක් සඳහා දෘෂ්‍ය මාධ්‍යය යොදා ගැනීම පිළිබඳ යෝජකයකු බවට පත්ව තිබෙන අතරම, මෙම අන්තර් ක්ෂේත්‍රයික විෂයයන් තුළ ඉගැන්වීමෙහි නියැලී ඇති ඔහු බොහෝ කලක් ඒ සමගම දිවි ගෙවා ඇත.
සංඥාර්ථවේදය, ස්නායුවේදය, ප්‍රකාශ විද්‍යාව, වර්ණ න්‍යාය මෙන්ම වර්ණ හා දෘෂ්‍ය මනෝ විද්‍යාව දෘෂ්‍යමය කතා කලාවට හා සන්නිවේදනයට යොදා ගැනීම අරභයා තියුණු මෙන්ම ගැඹුරු අවබෝධයක් දිනිල් සතුය.

ඔහු පිළිබඳව වැඩිදුර විස්තර සහ ඡායාරූප ක්ෂේත්‍රයේ ඔහුගේ කාර්යයන් දැක බලා ගැනීමට ඔහුගේ පුද්ගලික වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න. Struck by Light.

Dinil Abeygunawardane - Photographer, Writer, Content Creator & Trainer

පුහුණු වැඩසටහන් වගතුග

ඉගැන්වීම්, පුහුණු, අභ්‍යාස, ඇගයුම්, ප්‍රතිපෝෂණයන් සහ යළි ඇගයුම් සැසිවාර මාලාවක් හරහා සුවිශේෂී වූ ඡායාරූප සුසැදීමේ කුසලතාවයන් කට්ටලයක් සහභාගීවන්නන් තුළ ඉසියුම් ලෙස කාවැද්දීම.

අවුරුදු 15 සිට ඉහළට

ලිවීමේ කියවීමේ හැකියාව සහ වඩාත් හොඳ ඡායාරූප සුසදන්නකු බවට පත්වීමට ඇති ආශාව හැර අධ්‍යාපන සුදුසුකම් කිසිවක් අවශ්‍ය නොවේ.

ලියාපදිංචි කර ගැනීම පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට සතියකට පෙර අවසන් කෙරේ.

ලියාපදිංචියෙන් පසු සහභාගීවන්නන්/ දෙමාපියන් හෝ භාරකරුවන්ව පුහුණු සැසිවාර සිදු කෙරෙන ආකාරය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සූදානම් වීම් පිළිබඳව දැනුවත් කිරීමට පුහුණුකරු විසින් සූදානම් කිරීමේ සැසියක් පවත්වනු ඇත.

ඡායාරූප ගත හැකි උපකරණයක හිමිකම හෝ ලබා ගත හැකිකම අත්‍යාවශ්‍ය වේ.
කැමරාව තමා විසින් ශ්‍රමායික ලෙස සීරුමාරු කරගතහැකි එකක් වීම වඩාත් සුදුසුය.

සහභාගීවන්නන්ට උසස් තත්වයේ ජංගම දුරකථන කැමරාවකින් පුහුණු වැඩසටහනෙහි පුහුණුවීම් සියල්ලට සහභාගී විය හැකිය. එහෙත් මෙම වැඩසටහනේ හොඳම ප්‍රතිපල ලබා ගැනීමට මෙන්ම, කැමරාවක තාක්ෂණික හා ශිල්පීය පැතිකඩ පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට නම් තමාටම පාලනය කළ හැකි ශ්‍රමායික ලෙස සීරුමාරු පහසුකම් ඇති කැමරාවක් තිබීම වැදගත්ය.

අවශ්‍ය කෙරෙන මෘදුකාංග ස්ථාපනය කළ ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් ඡායාරූප සංස්කරණයට සහ වර්ගීකරණය සඳහා අත්‍යාවශ්‍ය වේ. images. 

පාඨමාලාව ඇරඹීමට සති දෙකකට පෙර පුහුණුකරු විසින් ලියාපදිංචි වී ඇති සියළු සහභාගීවන්නන්ට උපදෙස් මාලාවක් ලබා දෙනු ඇත.

ඉදිරිපත් කිරීමට ඇති අවසන් දිනට පෙර, එනම් පුහුණු වැඩසටහන ඇරඹීමට සතියකට පෙර සහභාගී වන්නන් දෙන ලද උපදෙස් අනුව තම ලේඛන පැවරුම ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වෙයි.

  • ඡායාරූප හරහා සන්නිවේදනය

  • හොඳ ඡායාරූපයක සංරචකයන් හඳුනා ගැනීම

  • ශිල්පීය පැතිකඩ
    – සංඥා ග්‍රාහකය සහ කැමරාව
    – කාච
    – අනාවරණය

  • රූප සංරචනය

  • මූලික සංස්කරණය

  • මූලික ආලෝකකරණය

  • දෘෂ්‍යමයව කතාන්දර කීමේ මූලික උපාය මාර්ග සහ උපක්‍රම

  • දෘෂ්‍යමයව කතාන්දර කීමේ උපාය මාර්ග සහ උපක්‍රම කතාන්දරයක් බලපෑම් සහගත ලෙස කීමට යොදා ගැනීම

  • ඡායාරූපමය නිබන්ධනයක් නිර්මාණය කිරීම

 

 

ආරම්භක දිනය: 11 පෙබරවාරි, 2024
මාධ්‍යය: සිංහල
අයකිරීම: රු 60,000 (ලියාපදිංචිය සමග වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම ඇතුලත්ය)

පුහුණුකරුවන්:
දිනිල් අබේගුණවර්ධන
දේශාන් කරුණාරත්න
හෙන්රි රාජකරුණා